සුපිපි සියපත් සුවහසක්
සුවඳ දනදිය පිරි විලක්
නිබඳ ණැන පිරි දරු කැලක්
වඩන අපෙ පාසලයි මේ....
දකුණු ශ්රී ලක පොබ කරන
ශ්රී ගුණානද විදුහලයි
ගුණ දහම් වඩනා නිතින්
සිත් නිවා පුබුදූ නැණින්
රටට සමයට දැයට දායක
වන්න දූ පුතුනේ....
අනාගත පැහැසර දකින්නට
එන්න දූ පුතුනේ...
සුන්දර කඳරැළි කිකිණි නාද දෙන
යශෝ ගීතයයි මේ...
පින්බර දූ පුත් රුවන් ජනිත කළ
පුණ්ය භූමියයි මේ...
එවන් හෙළ බිමට කිත් පැසසුම්
ගෙන එන්න කෙම් බිමයි මේ...
ශ්රී ගුණානදවිදුහලයි...//
සැරදේ...//
කිතුගොස නගා හෙළේ......