
මෙවර ශිෂය නායක මණ්ඩලයේ පවතිනපුරප්පාඩු වෙනුවෙන් නැවතවරක්ශිෂය නායක අයඳුම්පත් කැදවීමකින් තොරව පසුගිය වර ඉදිරිපත්කරන ලද ශිෂයනායක අයඳුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීමට ශිෂ්‍ය නායක සංගමය විසින් තීරණය කර ඇත. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එය නොබෝ දීනකින් විද්‍යාලයීය ප්‍රාන ශාලාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව එහිදී පත්වන නව ශිෂය නායක නායිකාවන්ද සැලැකිල්ලට ගනිමින් සියලුම ශිෂය නායක නායිකාවන් අතරින් වඩාත් සුදුසු සිසුවා හා සිසුවි ප්‍රධාන ශිෂ්‍ය නායක හා ප්‍රධාන ශිෂය නායිකා තනතුරට පත් කිරීමට නියමිතයි.